Tuesday, August 1, 2017

ශ්‍රී ලංකාවේ වනාන්තර හැදින්වීම .

දිවයිනේ අගනා දැව වර්ග හමුවන වන ගහණය වන්නේ පහත් තෙත් සදාහරිත වනාන්තරයි .මේ වනාන්තර සහිත කලාපය විශාල වර්ෂාපතනයක් ලබයි . මේවා වියන් ස්තර,උප වියන් ස්තර,යටි වියන් ස්තර,හා බිම් ස්තර ආදී වූ සතර හතරකින් සමන්විතය.ගස් වැල් ඉතා සමීපව වැඩේ.මීටර් 40කට වැඩ උස ගස් වර්ග හලොකු විශ්කම්භයක් සහිත කදක් ඇති ගස් වර්ග කිහිපයක්ම හමුවේ.
එනම් හොර,නවද,වල්දෙල්,දුන් බෙරලිය සහ හල් ආදිය ගස් සුලභය.




ශ්‍රී  ලංකාවේ මීටර් 1700ට වැඩ උස ප්‍රදේශ වල හමුවන නිවර්තනික කදුකර වනාන්තර වල විශේෂ ලක්ෂණ දක්නට ලැබේ.එනම් ගස් සුළං හමන දිශාවට විරුද්ධ අතට නැමී තිබීම,උස ගස් නොතිබීම,හා කදු මුදුන් වල කුඩා ගස් මිස ලොකු ගස් නොතිබීම.හෝර්ටන් තැන්න, පට්ටිපොළ,හා නකල්ස් යන පෙදෙස් වල මේ වනාන්තර හමුවේ.ශ්‍රී ලංකාවේ වැවෙන  තණබිම් (Grassland) යන පොදු නමින් හැදින්වෙන වන ගහන වල සැවානා, දමන, විල්ලු,පතන හා තලාව ආදී ප්‍රබේද  ඇත. මේ අතරින් අරළු.කහට, නෙල්ලි, හා බුළු ආදී ගස් වර්ග වැවෙන්නේ සැවනා නමින් හදුන්වන තණබිම් තුළය.

No comments:

Post a Comment