Monday, August 14, 2017

1. ක්‍ෂිරපායින් (Mammals)

ක්‍ෂිරපයින් විශේෂ අනු එකක් පමණ ඇති අතර ඉන් 14ක් පමණ ශ්‍රී ලංකාවට ආවේණික (Endemic) සතුන් වේ.ඒ අනුව වනාන්තර වෙසෙන සුලභ ක්‍ෂිරපායින් කිහිප දෙනෙක් මෙසේ දැක්විය හැක 

  1.අලියා, 2.ගොනා, 3.දිවියා, 3.තිත්  මුවා, 4.දඩු ලේනා,  5.මීමින්නා, 6.කළු වදුරා, 7.වල් ඌරා, 8.වලහා, 9.ඉත්තෑවා, 10.කබල්ලැවා, 11.නරියා, 12.හාවා, 13.කොටියා,14. උගුඩුවා ආදී කිහිප දෙනෙක් වේ.
5


                                                                              9
                                                                              10
                                                                               8
                                                                               1
                                                                                3
                                                                                 13
                                                                               6 
                                                                                12
7


වනාන්තර වල ජීවත් වන පොදු සත්ත්ව ප්‍රජාව

ශ්‍රී ලංකාවේ වනාන්තර ජීවත් වන සතුන් ප්‍රධාන වශයෙන් කොටස් 4කට වෙන් කල හැක.
                 
                                                           1.     ක්‍ෂිරපායින් (Mammals) 
                                                           2.     පක්‍ෂීන් (Birds)
                                                           3.     උභය ජීවින් (Amphibians)
                                                            4.     උරගයෝ (Reptiles)    


Sunday, August 13, 2017

ශ්‍රී ලංකාවේ ශාක ප්‍රජාවට අදාළ ජෛව කලාප


ශ්‍රී ලංකාවේ ශාක ප්‍රජාවට අදාළ ජෛව කලාප

  ප්‍රධාන ජෛව කලාප 3කි . 

    1.           A - ශුෂ්ක කලාප    *නිවර්තන කටු පදුරු සහිත වන ලැහැබ වලින් හා අතරින් පතර වැඩෙන ශාක වලින් සමන්විතයි.
                                                             *මුහුදු මට්ටමේ සිට ඇති උස මීටර් 0 - 100                                                තෙක් වේ.
                                                       * වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1250 -                                                   2000 තෙක් වේ.

   

 2.               B - වියළි කලාප  *වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර වලින්           සමන්විතය.       
                                                      *මුහුදු මට්ටමේ සිට ඇති උස මීටර් 0 - 500                        තෙක් වේ.                         
                   
           3.          C - අතරමැදි කලාප    *සදාහරිත වනාන්තර                                                                               වලින් සමන්විතය.   
                                                                        *මුහුදු මට්ටමේ සිට උස මීටර් 0 - 1000                                                     තෙක් වේ.
                                                                         *වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1900                                                      - 2500 තෙක් වේ.


Tuesday, August 8, 2017

මෙ ම ශුෂ්ක කලාපයේ ශාක උසින් අඩු කුරු ස්වභාවයක් ගනී.සතුන්ගේ විවිධත්වය බොහෝ සෙයින් වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර වලට සමාන වේ. ශ්‍රී ලංකාවේ මාරාන්තික විෂ සහිත සර්පයන් අතරින් එකෙකු වන වැලි පොළගා ව්‍යාප්ත වී ඇත්තේ මෙම කලාපයෙනි.                                                                                                                                          

4.කටු පදුරු වනාන්තර

 මෙම වනාන්තර වලට ලැබෙන වර්ෂාව ඉතා අඩු වේ.අධික සුර්යතාපය,වියළි සුළග වැනි සාධක හේතුවෙන් මෙම වනාන්තර වල ජිවත් වන ජිවින්ට අධික ජල හිගයකට මුහුණ දීමට සිදුවේ.මෙම වනාන්තර වල වැවෙන ශාක වල ලක්ෂණ කිහිපයකි.
                                                 
                                                   1. දිගු හෝ පැතිරුණු මුල පද්ධතියක් තිබීම.
                                                   2. කටු බවට පත් වූ ශාක පත්‍ර තිබීම. 
                                                   3.  පත්‍ර මාන්ශල වීම.
                                                    4.  ගිලුණු පුටිකා තිබීම .                                                                            
එම ශාක ලෙස පතොක්,දලුක්,නවහන්දි,හීරැස්ස හා කටු අන්දර ප්‍රමුක ශාක,ලෙස හදුනාගත හැක.                                                                     
                                                              පතොක්                                                                                                                                                    

3.අන්තර් මධ්‍ය කලාප වනාන්තර

  තෙත් කලාපයටත්,වියලි කලාපයටත් අතර කලාපයේ මෙම අන්තර් මාධ්‍ය කලාප වනාන්තර දක්නට ලැබේ.ශ්‍රී ලංකාවේ මෙම පෙදෙස් වලට අයත් වනාන්තර එළිපෙහෙළි කොට වෙනත් කටයුතු සදහා ඉඩම් ලබාගෙන එත.එම නිසා සමනලවැව,පොල්ගහවෙල වැනි පෙදෙස් වලට මෙම වනාන්තර සිමා වී ඇත.පොල්ගහවෙල අවට පෙදෙස් කිහිපයකම මෙම වනාන්තර සරු කිරීම සදහා 1. මහෝගනී, 2.කොස්,හා  3.පිහිබ්ය වැනි ශාක එක් කොට වඩාත් සරු වනාන්තර එතිකොට ඇත.
1.

2.

3.
 ශිත දේශගුණයක් පැවතුනද වාතයේ ආර්ද්‍රතාව අඩු නිසා වියළි ස්වභාවයක් උසුලයි.එමනිසා මෙම ශාක වල පත්‍ර කුඩා වේ. ශිත දේශගුණයක් පැවතුනද වාතයේ ආර්ද්‍රතාව අඩු නිසා වියළි ස්වභාවයක් උසුලයි.එමනිසා මෙම ශාක වල පත්‍ර කුඩා වේ.ඒවානම් 1.අපිශාක, 2.ඕකිඩ්, 3.පාසි හා  4.ලයිකන බහුල වශයෙන් දක්නට ලැබේ.                                                                     2
                                                                            3    
                                                                             4

2.නිවර්තන කදුකර වනාන්තර

ශ්‍රී ලංකාවේ මධ්‍ය කදුකරය වෙත ගමන් කිරීමේදී මුහුදු මට්ටමේ සිට 1200m  ඉක්මවන විට විවිධ ස්ථාන වල මෙම වනාන්තර දැකගත හැක.එනම් හෝර්ටන් තැන්න,නකල්ස්,පිදුරුතලාගල හා සමනල අඩවිය ආදී ස්ථාන වේ.                                    

                                                 හෝර්ටන් තැන්න


2000m  පමණ උස්බිම් වල වැඩෙන කදුකර වනාන්තර වල ලක්ෂණ කිහිපයකි. 
1.ශාක උසින් අඩු වේ.
2.ශාක ස්ථරයට යටින් පැළෑටි සහිත බිම් තලයකි.
3.ගස් ඇබරුනු ස්වභාවයක් ගනී.
(උදාහරණ ලෙස කීන,දඩු,වල සපු,හා ගල් වෙරළු දැක්විය හැක.)

Monday, August 7, 2017

  වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර වල අලියා,ගොනා,මුවා,වල් ඌරා,හා දිවිය වැනි ක්ෂිරපායින්ද, වදුරා,රිළවුන්,හා උණහපුලු විශේෂද ජීවත් වේ.





1.වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර

ශ්‍රී ලංකාවේ මුළු භුමි ප්‍රමාණයෙන් 60% පමණ අයත් වන්නේ වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර වලටය.මෙම කිඇප වලට ප්‍රධාන වශයෙන් වර්ෂාව ලැබෙන්නේ ඊසාන දිග මෝසම් සුළං වලිනි.ඒ නොවැම්බර් සිට ජනවාරි අතර කාලය තුලය.මැයි සිට අගෝස්තු අතර කාලය ඉතාම වියළි ස්වභාවයක් පවතී.මෙම වනාන්තර වල ලක්ෂණ කිහිපයකි.  

  1.  එකට යාවුණු වියන් දක්නට නොලැබේ.
  2. මේවයේ ජෛව විවිධත්වය හා ඒකදේශිකත්වය අඩු අගයක් පවතී. 
  3.  ඝන බිම් වගාවක් දක්නට ලැබේ. 
  මෙම වනාන්තර විශේෂයෙන් අනුරාධපුරය,පොළොන්නරුව,හා අම්පාර වැනි පෙදෙස් වල දැකගත හැකියමේවයේ ප්‍රමුඛ සක අතර වැඩි දැවමය වටිනාකමකින් යුක්ත වූ හල්මිල්ල,බුරුත,හා කළුවර ආදී ශාක ඇත.

ශ්‍රී ලංකාවේ දක්‌නට ලැබෙන වනාන්තර වර්ග


.
                       
  • නිවර්තන කදුකර වනාන්තර
    •  වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර
    •   කටු පදුරු වනාන්තර 
    •  අන්තර් මධ්‍ය කලාප වනාන්තර

                                                           . 
                                                                 
                                                                

    Tuesday, August 1, 2017

    ශ්‍රී ලංකාවේ වනාන්තර හැදින්වීම .

    දිවයිනේ අගනා දැව වර්ග හමුවන වන ගහණය වන්නේ පහත් තෙත් සදාහරිත වනාන්තරයි .මේ වනාන්තර සහිත කලාපය විශාල වර්ෂාපතනයක් ලබයි . මේවා වියන් ස්තර,උප වියන් ස්තර,යටි වියන් ස්තර,හා බිම් ස්තර ආදී වූ සතර හතරකින් සමන්විතය.ගස් වැල් ඉතා සමීපව වැඩේ.මීටර් 40කට වැඩ උස ගස් වර්ග හලොකු විශ්කම්භයක් සහිත කදක් ඇති ගස් වර්ග කිහිපයක්ම හමුවේ.
    එනම් හොර,නවද,වල්දෙල්,දුන් බෙරලිය සහ හල් ආදිය ගස් සුලභය.




    ශ්‍රී  ලංකාවේ මීටර් 1700ට වැඩ උස ප්‍රදේශ වල හමුවන නිවර්තනික කදුකර වනාන්තර වල විශේෂ ලක්ෂණ දක්නට ලැබේ.එනම් ගස් සුළං හමන දිශාවට විරුද්ධ අතට නැමී තිබීම,උස ගස් නොතිබීම,හා කදු මුදුන් වල කුඩා ගස් මිස ලොකු ගස් නොතිබීම.හෝර්ටන් තැන්න, පට්ටිපොළ,හා නකල්ස් යන පෙදෙස් වල මේ වනාන්තර හමුවේ.ශ්‍රී ලංකාවේ වැවෙන  තණබිම් (Grassland) යන පොදු නමින් හැදින්වෙන වන ගහන වල සැවානා, දමන, විල්ලු,පතන හා තලාව ආදී ප්‍රබේද  ඇත. මේ අතරින් අරළු.කහට, නෙල්ලි, හා බුළු ආදී ගස් වර්ග වැවෙන්නේ සැවනා නමින් හදුන්වන තණබිම් තුළය.