Wednesday, July 19, 2017

වනාන්තරය හා පරිසරය

වනාන්තරය හා පරිසරය අතර ඇත්තේ දැඩි අනෝන්‍ය සබැදියවකි.එය මෙබදුය වනාන්තරයේ වර්ධනය හා ව්‍යාප්තිය කෙරෙහි දේශගුණය බලපායි.එවිට ඒ අවට 'විශේෂ දේශගුණික කලාපයක් 'බිහි වේ.එහි ප්‍රතිපලයක් ලෙස විවෘත ප්‍රදේශයක අපට දක්නට ලැබෙන දැඩි සුර්යතාපය,පාරසරික උෂ්ණත්වය,සුලන් වේගය හා වියළි ගතිය   ආදිය වනාන්තරය තුළ අඩුය.වනාන්තරය සිය පැවැත්ම සදහා ප්‍රභාසංස්ලේෂණය හා ශ්වසනය යන කාර්යයන් දෙක සිදු කර. එවිට වාතයේ අන්තර්ගත වී ඇති කාබන්ඩ්යෝක්සිඩ් ප්‍රමාණය අඩු කර වනාන්තරය විසින් දවල් කාලයදී ඔක්සිජන් පරිසරයට එක්කරනු ලැබේ.
මේ හැරුණු විට ගස් ශබ්දය උර ගැනීම,දුවිලි හා විකිරණශීලි ද්‍රව්‍ය පෙර බැහැර කිරීම වැනි කාර්යන් ඉටු වේ. එබැවින් ගස් රාශියක් සමන්විත වනාන්තරයක් මගින් ඉටුවිය හැකි මෙහෙය කොතෙක්ද යන්න වටහා ගැනීම දුෂ්කර නොවේ.වනාන්තරයක් තුල සිදුවන උත්ස්වේදන ක්‍රියාවලිය (Transpiration) වැස්ස වැටීමට දායක වේ.වනාන්තරයකට ඉහළින් පාවිගෙන යන ජාල වාෂ්ප සහිත වලාකුළු උත්ස්වේදනයේදී, ගස් වලට ඉහළින් විහිදෙන ජලවාෂ්ප වල ඇති ශීතල ගුණය නිසා ඝනිභවනයට පත්ව වැස්ස සේ ඇදහැලේ.    

No comments:

Post a Comment