Wednesday, July 19, 2017

මිහිමත ගස් වල ඉතිහාසය

වනාන්තරයක් යනු ලොකු කුඩා ගස් වැල් හා පැදුරු අදින් සමන්විත වන ගහනකි.එහි වැල්,පදුරු,පාසි හා ලයිකන ආදිය ඇතත්, ප්‍රධාන  ලෙස ගන්නේ ගස්ය. එහෙයින් අප ගසක් යනු කුමක්ද යන්න හදුනාගත යුතුය.ඒ මෙසේය 'ගසක් වූ කලී තනි ප්‍රධාන කදක් සහිත බහුවාර්ෂික කෂ්ටිය ශාකයකි. එහි කද කෙටි හෝ දිග විය හැකි. බොහෝ විට එහි පහල කොටසේ අතු අඩු වේ. තාල වර්ගයේ ගස් වල ශීර්ෂය සැදී ඇත්තේ පත්‍ර වලින් පමණි. ගසක් වැඩෙන්නේ එක්තරා විධිමත් රටාවකට අනුවයි.ගසක් වර්ධනය වී වැඩෙත්ම එහි අලුත් සෛල නිෂ්පාදනය වැඩි වේ.මෙසේ සිදුවන ගසක වර්ධනය,වර්ධන කලාව (Vegetative phase) සේත්,ඉන්පසු එළබෙන කලාව ප්‍රජනන කලාව (Reproductive phase) ලෙස හැදින්වේ.

මිහිමත ඇති විශාලතම ගස් ලෙස හැදින්වෙන්නේ 'සේක්වොයියා ගිගන්ටෙයා' (sequoia gigentea) නම් වර්ගයි.
එක්සත් ජනපදයේ බටහිර වෙරළාශ්‍රිත එම ගස් හමුවේ.මේ ගස් ලොව විශාලතම ගස් මෙන්ම වයස්ගතම ගස් ලෙසද හැදින්වේ.ඇතැම් ගස් වලට වයස අවුරුදු 4000කට වැඩ වැඩි බව සොයා ගෙන ඇත.

No comments:

Post a Comment